Wednesday, December 28, 2016

අභිසාරිකාවන්ගේ

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි දැනුණේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුණේ
අභිසාරිකාවන්ගේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: