Saturday, December 31, 2016

වසන්තය ගෙවුණු තැන

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

සාර ඵලවැල පිරුණු මිහි මඬල ඔබම නම්
වලාකුළු වියනක්ව ඒ මතම හිඳින්නම්
ඒ මතම හිඳින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

මිහිරි සත්සර මවන සිතාරය ඔබම නම්
සුමුදු දසැඟිලි තුඩු ව සෙමින් පිරිමදින්නම්
සෙමින් පිරිමදින්නම්

වසන්තය ගෙවුණු තැන
මල් වැරූ ගසක් වන්
හුදකලා මගෙ ලොවට
හව්හරණ වෙනු ඉතින්

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ජගත් කුමාර ප්‍රේමතිලක
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: