Saturday, December 31, 2016

මිරිවැඩි සඟළක්

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

ගත සරසන්නට සළු පිළි කුමටද
වැරහැලි නැතිවුන් වෙසෙන රටේ ...//
සව්දිය පුරණට මධු විත කුමටද
දහසක් මව්වරු
දරුවන් ඉල්ලා අඬන රටේ

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

බණක් අසන්නට පන්සල් කුමටද
වැදිබණ කියනා මෙහෙව් රටේ ...//
අඳ ගොළු බිහිරන් වී කුමටද අපි
ඔළුවක් නැතිවුන් වෙසෙනා මෙහෙව් රටේ

මිරිවැඩි සඟළක් ඉල්ලා නොහඬමි
පා යුග නැතිවුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ

ඉඳුල් බතට පොර වදින රටේ //

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - දයානන්ද රත්නායක
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: