Tuesday, December 27, 2016

සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී ...//

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්‌ අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුණ විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී ...//

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

මේ ගීය රත්න ශ්‍රී අතින් රචනා වීමට හේතු වූයේ දයාසේන ගුණසිංහ මහත්මයාගේ “සිව්දෙස” සඟරාවේ පලවූ ලිපියකි.

No comments: