Tuesday, December 27, 2016

පෙමාතුර හැඟුම්

පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

නියාලුව හදින්
පියා නෙතු පියන්
යොමා යුග සවන්
තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන්
එබී ලෙන් දොරෙන්
අරාජික පරාදීසය
සොයා එමි සිතින්

පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

අරා සිරි යහන්
නිදා වැතිරෙමින්
සරා සලෙල සිතිවිලි ගඟ
ගිලී නැහැවෙමින්
නුරා මල් පැනින්
පොඟා යුග ලවන්
පිනා පසිඳුරන්
සතපමි සොඳුරු සිහිනයෙන්

පෙමාතුර හැඟුම්
ඇගේ නෙත් කැළුම්
හද සන්තානයේ සදා සරණා
ආයාචනා සුසුම්

නුරාගික පැතුම්
පිපාසිත සිතුම්
මන මන්දිරයේ කලාලය මත
මී අමා බඳුන්

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: