Tuesday, December 27, 2016

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
ඇයගේ සුවඳින් නෑවෙනා ....//
ආලකමන්දා පුරයකි ආදර
පුරහඳ දහසක් පායනා
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
ඇයගේ සුවඳින් නෑවෙනා

දිවයන තුරුවැල්
හිනැහෙන දියවැල්
දිව මල් දිව සළු තාරකා

ඇගේ දෙනෙත් මැද මා නෙත් කිමිදෙන
චංචල මංගල චාරිකා ...//

රිය නැවතුන සඳ
දෑත වනා ඈ
යන්න ගියා මැකිලා

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
පාළු වලාවකි පාවෙනා
කෝ රණ මොණරුන්
මිහිලොල් බඹරුන්
ගුමු ගුමු පෙම් ගී ගායනා
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය
පාළු වලාවකි පාවෙනා

කැරකෙන රියසක
ගොරහැඩි හඬ මැද
හදවත කළඹයි වේදනා

යළි හෙට දවසේ සැන්දෑ යාමේ
ඇගේ නුවන් යුග වාසනා ..//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: