ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
මොහොත මොහොත පිය නොලා
ඒ ඔබේ නෙතේ ...//
මා දැවූ ප්‍රකෝපයේ
හී වැදී රිදී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
දෝත දෝත මී පුරා
දී දිනූ ලඳේ ...//
ආදරේ ප්‍රගීතයෙන්
දෑසවන් මිදී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී ...//
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
No comments:
Post a Comment