Tuesday, December 27, 2016

සඳළුතලේ හිඳ

සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම් ...//

ඇත්හල් අස්හල් සිව්රඟ සේනා
දැසිදස් පිරිවර සහ රන් දෝලා ..//
පැතූ වගක් ඔබ මා සිතුවේ නැත
සෙනේහයේ මුල් අකුරු කියූ දින
අචිරවතී ගං ඉවුරු තලේ

සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්

රන් පට රන් සළු දර්ශන මාලා
මැදුරු සඳළුතල මංගල යානා ...//
නිසරු ඉසුරකට මහදේ ඉඩ නැත
ඔබගෙන් සමුගෙන ඈතට යන්නට
ඉතිං අවසරයි කුමාරියේ

සඳළුතලේ හිඳ පෙරමඟ බලනා
මානවිකාවියෙ ඔබට කියන වග නම්
ඔබ ගෙන යන්නට සහපිරිවර හා
මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - නිමල් රත්නසිරි රූපසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: