Saturday, December 31, 2016

තට්ටු කරන්න හෙමින්

තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //

තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //

දෙපා තබන්න හෙමින් //
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින් //

මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් //

මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් ///

ගායනය - අනුලා බුලත්සිංහල
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.