Wednesday, December 28, 2016

තරු මල් යායම

තරු මල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා  ගිය දවසේ
මා හැරදා  ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කළ උමතුවෙනි

තරු මල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා  ගිය දවසේ
මා හැරදා  ගිය දවසේ

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කළ නිසාවෙනි

තරු මල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා  ගිය දවසේ
මා හැරදා  ගිය දවසේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: