සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි ..//
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි
සන්සුන් සිතේ
දැහැනක් වෙමින්
පූජා තබා ළං වෙලා
සඳුනින් පැනින්
දහමක් වෙමින්
සිත දාහේ නිවා සතපනා
අහිතක් නොවී සුරකින්නෙමී
දෝතින්ම සතපා හොවා
හිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි
දැක ගන්නෙමී
හඳුනන්නෙමී
මඟ පායන්න තරුවක් වෙලා
සුරකින්නෙමී
පදවන්නෙමී
දිවි යාත්‍රාව වෙරළක් සොයා
දසුනේ පවා සිසිලක් වෙමින්
සසරේම ළං ළංවෙනා
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි ..//
නිකලැල් හදේ පූජාසනේ
හැමදාම හිමිකාරියයි
සිත ගාව සිරකාරියයි
නෙත ගාව දඟකාරියයි
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
No comments:
Post a Comment