Tuesday, December 27, 2016

කිසිවක් නොකියන

කිසිවක් නොකියන
කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිඳිණු එපා

කියාගන්න බැරි
දහසක් දේ ඇත
ජීවිතයට
සිතා ගන්න බැරි
දහසක් දේ ඇත
ඔබ අප වට
ඉදුනිල් ලෙළැසියෙ
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කළ
අපට රහස් නැත
මුවගුළු ලාගෙන හිඳිණු එපා

තනිවූ මොහොතක
කුණාටුවක් මැද
සාගරයක
එක්වුණු මොහොතක
තරු වියනක් යට
මල් යායක
එනමුදු කුමුදිනියේ
ඔබේ සිතත් මගේ සිතත්
දෙකම එකක් කළ
අපට රහස් නැත
මුවගුළු ලාගෙන හිඳිණු එපා

කිසිවක් නොකියන
කිසිවක් නොඅසන
මුනිවත රකිනා ලඳුනි පබා
කල්පිතයක් මැද තනිවූ පමණින්
මුවගුළු ලාගෙන හිඳිණු එපා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: