Tuesday, December 27, 2016

විකසිත නයනින්

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

තුරුණු සැඳෑවක ලහිරු තලාවක
මිතුරු සමාගම ඔකඳවෙවී ඇත

අඳුර ගලා විත් ලොවම වැසූ කල
නෙත් සඟවා ගෙන තනිව නිදයි

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

ගීත ලතාවක දිගැසි ඉනාවක
දෙතොල් අමා විත පිරී ඉතිර ඇත

දෙනෙත් ඇඳිරි වී දෑත් සැළෙන දින
ඔබට ඔබත් නැත
ඔබට ඇයත් නැත

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments: