සඵල පැතුම් පොදි
කරපින්නා
සමුගෙන වෙන්වී අත්වැල්
බැඳ යන
නැවතුම්පොළ හමුවේ
පාළුව බිඳිනා රෝස මලක
පෙති
ඉහ ඉද්දර තනිවේ
විකසිත සිතුවිලි දෑස
අයාගෙන
ඈතින් අවි ගෙන බලා
සිටින සඳ
හදවත විමසන මතකය වලලා
සමනල දේසේ පියා සලන්නද
කළුවර සොහොනේ රෑ තුන්
යාමේ
කාගෙද රුව මතුවේ
ඝණඳුර අතරේ ඇතිවී
නැතිවෙන
අතීතයට මා කැඳයන ඒ රුව
කඳුළු අගාධෙන් එහා
ලෝකයට
සතර රියනකට හිත ගෙන
යන්නද
මගේ දෙපා ළඟ ඉකි බිඳ
හැඬුමට
අළුත් මලක් පිබිදේ
...///
ගායනය - එච්.ආර්.
ජෝතිපාල
පද - උපාලි ධනවලවිතාන
තනුව - සරත් දසනායක
1982 දී තිරගතවූ 'තණ
ගිරවි' චිත්‍රපටියේ ගීයකි
No comments:
Post a Comment