Monday, January 30, 2017

මගෙ ආදර ලොව බිඳ වැටුණා

මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා ....///

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...

දෑස අඬාවී මා හිත පාවී චංචල වී යනවා
දෑතම හිස්වී චණ්ඩ සුළං මැද ජීවය තෙරපනවා ...//

මාගෙ දයාබර පෙම් සුහදේ
ඔබ යන්නේ දෝ කවදා

පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...

ඔබ මගෙ ජීවේ
මා ඔබෙ ජීවේ
කියමිනි අප උන්නේ
චන්දන සිසිලේ ගින්දර ගිනි දුම් කෙලෙසද ඉවසන්නේ ...//
බැන්ද බැමී කැඩුණා විසිරී
ඔබ යන්නේ දෝ කවදා

පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා

ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම්  ම්...
ම්ම්ම් ම්ම්  ම්... ආඅඅ...ආඅඅ.. ආ...

ගායනය - ලතා වල්පොල
පද - නිහාල් ඒ. ජයසිංහ
සංගීතය - එම්.කේ. රොක්සාමි

1981 දී තිරගතවූ රංගා චිත්‍රපටියේ ගීයකි.

No comments: