Thursday, January 12, 2017

පුදමු මේ කුසුම්

පුදමු මේ කුසුම්
ත්‍රෛලෝක නාථ පාද පද්මෙ
වැඳ බැතියෙන ප්‍රීති සාගරේ
පුදමු මේ කුසුම්

සුගන්ධ පුෂ්ප මාලා
අති රම්‍ය වර්ණයෙන් සැදී
ශුද්ධ වූ මෙ පෝදා ලෝනා නමින් පුදම්
පුදමු මේ කුසුම්

මෝහාග්නියේ වැටී දැවෙනා
නේක ලෝ දනා
නාවා අමා දහම් නදියේ
නිවන් මඟ යොදා
භාග්‍ය වූ තිලෝනා සිරි ගෞතම මුනිඳා //
දොහොත් මුදුන් දිදී නමදිමු
මෝක්ෂේ පතා
පුදමු මේ කුසුම්

මේ මල් මැළවී යතේ
අප කුණු කය මෙලෙස වේ ...//
විලිකුන් දඹ ඵල ලෙසේ
තිර නැති සසරේ
මෙලොවින් යන කල නැසී
ගෙන යන දේ නැත කිසී
කළ පින් පව් මිස ලොවේ
මුනිදා දෙසුවේ

පුදමු මේ කුසුම්
ත්‍රෛලෝක නාථ පාද පද්මෙ
වැඳ බැතියෙන ප්‍රීති සාගරේ
පුදමු මේ කුසුම්

ගායනය - ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව - ආනන්ද සමරකෝන්

No comments: