Wednesday, January 11, 2017

සිරි සරු සාර කෙතේ


සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ//
පිස ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ//
හා හා ඇසේ ඇසේ////
ගොවි දන තුති නද දී කපති ගොයම් තොසේ තොසේ//
යමු යමු හණික නගෝ අපි ද ගොයම් කපන ලෙසේ//

හිමිදිරියේ.//

හිමිදිරි සිරිය ළඟාවේ//

පාමින තුටු කොමළ සිනා දිනරද අඹරේ නැගෙනා//
කොවුලන් ගී හඬ ඇසෙනා ලක් මව සැනසේ නිතිනා//

හිමිදිරියේ..//

හිමිදිරි සිරිය ළඟාවේ//

සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ//
පිස ගෙන එන සුළඟේ කරල් නැමී නැමී දිලේ//
සිරි සරු සාර කෙතේ .....

ගායනය - ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
තනුව හා පද - ආනන්ද සමරකෝන්

2 comments:

Anonymous said...

I search this song it find this website successfuly.Tanks very much ❤️❤️

Anonymous said...

Good