Thursday, January 5, 2017

මගේ සිනා ඔබ අරගෙන

මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැඳගෙන
ඔබ කොතැනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ

අහස දැවී වියරු වැටී
ළසෝ දුකින් තරු මැලවී

නිදිබර ඇස් මඟඇරිලා
ඔබ එනතුරු සිටියා

ප්‍රාර්ථනා තරු අතරේ
සොඳුරු මගේ ලොව ඇවිලේ

මගේ සිනා මට දීලා
ගෙන යන්න කඳුළු නොතියා

මගේ සිනා ඔබ අරගෙන
ඔබේ කඳුළු මට දීලා
පාළු නුවර මා තනිකර
මතක සිහින පොදි බැඳගෙන
ඔබ කොතැනද සැඟවී ඉන්නේ
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ආරියසිංහ පෙරේරා
තනුව - විශාරද නන්දා මාලිනී

No comments: