Saturday, February 18, 2017

සුළං කුරුල්ලෝ

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ 
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ...

සිහින පොතේ පිටුවක් පෙරළී අද
මොනවද එහි ලියැවී ඇත්තේ ...//
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ ......

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

හා... ආ ආ ආ....
හා ආ ආ...
හා ආ ආ...

මතක ලොවේ දොර අගුලු හැරී අද
මොනවද එහි හිරවී ඇත්තේ ....//
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ ......

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
එගොඩ ගොඩේ ඇති
සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ....

ගායනය - රූන් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුණතිලක
පද - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1966 දී තිරගත වූ සැනසුම කොතැනද චිත්‍රපටියේ ගීයකි.

No comments: