Friday, February 3, 2017

නිදහස් කාහල නාදය


නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා
නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

සුවඳ අතීතය සමරව්
සමගි පියුම් පෙති පුබුදව්
පිබිදෙව් පිබිදෙව්
දිදුලන තරු ලෙස පිබිදෙව්

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

කුල ගොත කඳවුරු මතභේදේ
පා කොට රළ මත මහ මුහුදේ ..//
නිදි ගැට දුරලා
බැඳි බැමි මුදලා
උදාකරව් සෞභාග්‍යේ

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

කීර්ති රාවෙ නැඟු දස දේසේ
රාජ තේජ බල ඉතිහාසේ
නව පණ නංවා
මල් ඵල ගන්වා
උදකරව් සෞභාග්‍යේ

නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා
සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ
මිණි මුතු කිරුළ දරා
නිදහස් කාහල නාදය රැව්දේ
හෙළදිව අඹර පුරා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය ඇම්. කේ. රොක්සාමි

1968 දී තිරගතවූ සිඟිති සුරතල් චිත්‍රපටියේ ගීයකි.


සිඟිති සුරතල් චිත්‍රපටියේ රූප රාමුවකි.

No comments: