මේ ලෝකයේ
ආසිරි පතා
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉල්ලයි ආදරේ සුවේ
ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී
දරුවා මාගේ
පහනක් වේවා
අම්මාගෙ තාත්තාගෙ ආසාවයි
පවසන්න පුතුනේ
කිසිදා මගෙන්
වෙන්වීලා නොයමි කියා
පොඩි පුතු ඔබ මාගේ
පොඩි පුතු ඔබ මාගේ
මේ ලෝකයේ
ආසිරි පතා
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉල්ලයි ආදරේ සුවේ
ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී
තාත්තීගෙ මා
සුරතල් එයා
පොඩිපුතු දැන් ලොකු පුතු සේ ආලෝකේ
පවසන්න මාගේ අම්මා කොහේදෝ
අම්මාව දැකගන්න ආසයි
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉන්නම් ආදරේ සුවේ
පොඩි පුතු මා ඔබේ
මේ සාදයේ
ආසිරි පතා
ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සහ ධම්මිකා වල්පොල
පද - ධර්මසිරි ගමගේ
තනුව - සරත් දසනායක
1986 දී තිරගත වූ "යළි හමුවෙන්නයි" චිත්‍රපටියේ ගීයකි.
1986 දී තිරගත වූ "යළි හමුවෙන්නයි" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment