මගේ
සිනා මල් මවා
අවාරයේ
දුටිම් ඇය මෙමා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා
සිතේ
මගේ
සිනා මල් මවා
සිහිනෙන් හෝ දිනකදි මා
ඇගෙ දෑතේ කිඳීලා
රහසින් හෝ හද බැඳි දා
මී රොන්සුණු දිවේ ගා
ගී මල් යහනේ රස මැවුනාවේ
දෙනයන දල්වා ළංවීලා
සිතේ
මගේ
සිනා මල් මවා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා
ලාලා ... (සිතේ)
ලාලා .. (මගේ)
හාහා ... හාහහා ... (සිනා මල් මවා)
සිතුවම් වී මන බැඳෙනා
හිම සැලෙනා දුමාරේ
උණුසුමේ ඇය හමුවේ
හද ආශා විමානේ
සුපැතුම් මාගේ ඇය හා යාවේ
සැනසුම් දැහැනේ සැංගීලා
සිතේ
මගේ
සිනා මල් මවා
ආවේ ඈත ඉඳ මා
හදේ හැඟුමන් පුබුදවා
ලාලා ... (සිතේ)
ලාලා .. (මගේ)
හාහා ... හාහහා ... (සිනා මල් මවා)
හ්ම් ම්.. හ්ම් ම්..
ලාලා .. ලාලලා ..
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව - සරත් දසනායක
1980 දී
තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment