Wednesday, February 1, 2017

යන එන හැම තැන


 
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ ...//
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

ඔබ මගෙ පානයි
අංජන දැහැනයි
විහිදෙන මායා ලෝකේ ...//
ළඟදී ඈ අල්ලනවා
දැන් කොහි ඉන්නේ හිතන්න බෑනේ
අල්ලේ රේඛා වාසනාවයි

යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

ඉඟ සුඟ සොබනා ගත හැක මිටිනා
දෙවඟන සේ රූපේ වූ ...//
ඒ නාරී හහ් හා
සීදේවී
කුංකුම චන්දන සුගන්ධ ආදී
ඒවා ඕනෑ නෑ කිරිල්ලී

යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ ...//
රසකාමී
ලලනාවී
දැන් හමුවේවා ටක් ටික් ටුක් කියාලා
යන එන හැම තැන සොයන්නෙමී
ඔබෙ රුව සියුමැලියේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.

No comments: