Wednesday, March 1, 2017

ආවේ හරිම හරි කාලේ

ආවේ හරිම හරි කාලේ
ඕ හො හෝ...
ආවේ හරිම හරි කාලේ
නටමු අපි තාලෙටා
හා හා තාලෙටා
හා ජොලී තාලෙටා

හෝ..... ලෝකෙ කැරකේවී බෝලේ වගේ නේ //
ඒකෙ ඇතුළේ නේ මේවා කෙරෙන්නේ //
රාළහාමී එන්න
සීක්කි අයියා වාංග
හෝ වයි ආවෝ ආවෝ නෑ තව ඕනෑ නෑ
මුදලාලී එන්ඩ
හලෝ මිස්ටර් කම් කම්
වාංගො නානා වාංගො
කාසී ඕනෑ නෑ

හෝ ... ඇස් වහලා හොරැහින් බලාවී //
නටමු අපි තාලෙටා
හා හා තාලෙටා
හා ජොලී තාලෙටා

මනමාලිව වැටේ කියල කවුරුත් අද බයේ ඉන්නෙ
ඊට කලින් මේව දැකල මැරිල ගියත් මොකද වෙන්නෙ

එකට ඉඳන් අර ජෝඩුව නරි නාටක බලා ඉන්නෙ
ගෙදර ගිහිං සණ්ඩු වෙලා කේන්තියට ඇසිඩ් බොන්නෙ

කළ වරදට ඒ යෝදිට පොලීසියෙන් නඩු දමනව
මිනිහ ගිහිං උසාවියට ඇපේ දීල එක්ක එනව

ඇයි අප්පේ මේකෙ වරද කාගෙයි කියලා සිතුවද
දිරච්ච ලණු කාල ඇවිත් පුම්බන්නේ පිරිමි නේද

අද සල්ලී මේ ලෝකේ දෙයියෝ තමා
අද දෙයියෝ මේ ලෝකේ සල්ලී තමා
අතේ නැහැ නේදෝ
ඔව් අපට නැහැ නේදෝ
ඕ අතේ නැහැ නේදෝ
ඔව් අපට නැහැ නේදෝ

ලැබේ හෝ ගාලා හෝ ගාලා වාසී හොඳා
වටේ සේරෝම කාසී දෙයි ප්‍රීතී වෙලා

ආ... ලැබේ හෝ ගාලා හෝ ගාලා වාසී හොඳා
හෝ.. වටේ සේරෝම කාසී දෙයි ප්‍රීතී වෙලා

අද සල්ලී මේ ලෝකේ දෙයියෝ තමා
අද දෙයියෝ මේ ලෝකේ සල්ලී තමා

අපී අතේ තියෙන සල්ලී
අර.. දෙයියන්ගේ මල්ලී
හෝ.. අපී අතේ තියෙන සල්ලී
අර.. දෙයියන්ගේ මල්ලී

ලල ලල ලල්ලා...
ලල ලල ලල්ලා...
ලල ලල්ල ලලා ලලා ලලා ලලා ලලා...

ලල ලල ලල්ලා... (ේඎෑීආෲ ...)
ලල ලල ලල්ලා... (හීහ් ේඎෑීආෲ ...)
ලල ලල්ල ලලා ලලා ලලා ලලා ලලා... (ේඎෑීආෲ හීහ් ඎෑීර්ර්) ...//

 ගායනය - මෝති හා ස්වර්ණලතා
පද - ඩී. ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න
සංගීතය ඇස්. ඇස්. වේදාවලම්
1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: