Wednesday, March 1, 2017

සුන්දර මේ වී කරලේ

හා... අආ ආ....

සුන්දර මේ වී කරලේ දර්ශනේ පිනාය සිතේ
ප්‍රීති වෙමූ ගීත ගයා වාසනාව ආවෙ අපේ
ඒ අරුත්ම සේ විගසේ දෙව් සරණේ පිහිට ලැබේ
වේ ජය හෝ... මංගල වේ ජය හෝ...

රන් මාල පළන්දා කරලින් මූණ දිලේ
ප්‍රීති සිනාවෙන් (හෝ....)
ප්‍රීති සිනාවෙන් (හෝ....)
ප්‍රීති සිනාවෙන් (හෝ....)
හෝ ප්‍රීති සිනාවෙන්

හෝ .... හා ආආ.... ආ අඅ ආ...
සුළඟේ ඒය හමා පුෂ්ප සුගන්ධේ
සැනසෙමු ප්‍රීති සිනාවෙන්
හිරු දේව රජා
හිරු දේව රජා අහසෙ ඉඳන් මේ ගොයමේ වී දැකලා
සිනහවෙවී ඒය නැඟී දැන්
ඕ මේ වාරේ සාරයි රට දේව බලේනී

හෝ... ඔඔ ඔඔ ඕ.... ඔඔ ඔඔ ඕ....
හිරු දේව රජා අහසෙ ඉඳන් මේ ගොයමේ වී දැකලා දැන්
ගොයමේ වී දැකලා දැන්

ලලල ලලල ලලා ලලා
ලලල ලලල ලලල ලා...

අවුරුදු කාලේ ළඟාව වාසනාව ආවෙ අපේ
ප්‍රීති වෙමූ ගීත ගයා වාසනාව ආවෙ අපේ
ඒ අරුත්ම සේ විගසේ දෙව් සරණේ පිහිට ලැබේ
වේ ජය හෝ... මංගල වේ ජය හෝ...

ගොවිරාළ අපේ සෑම දිනේ
ආයුස වැඩිවීල දිනේවා
ආ... ආ.. අඅ ආ..
ආයුස වැඩිවීල දිනේවා
ආඅ ආ...
ආයුස වැඩිවීල දිනේවා
දෙවියෝ රක්ස කෙරේවා
ආ.. අඅ ආ..
දෙවියෝ රක්ස කෙරේවා

මේ කාලෙ හොඳා
මේ කාලෙ හොඳා වාසි වුණා
සාර කෙතේ ගොයම් පැසීලා
යායේ ගොයම් පැසීලා

ඕ මේ වාරේ සාරයි රට දේව බලේනී

හෝ... ඔඔ ඔඔ ඕ.... ඔඔ ඔඔ ඕ....

මේ කාලෙ හොඳා වාසි වුණා
සාර කෙතේ ගොයම් පැසීලා
යායේ ගොයම් පැසීලා

ලලල ලලල ලලා ලලා
ලලල ලලල ලලල ලා...

සිංහලයා වෙන්නෙ උතුම් බැස්ස දා තමයි කුඹුරේ //
ප්‍රීති වෙමූ ගීත ගයා වාසනාව ආවෙ අපේ
ඒ අරුත්ම සේ විගසේ දෙව් සරණේ පිහිට ලැබේ
වේ ජය හෝ... මංගල වේ ජය හෝ... ///

ගායනය - ජික්කි සහ මොහිදීන් බෙග් ඇතුළු පිරිස
පද - හර්බි සෙනෙවිරත්න
සංගීතය ඇස්. ඇස්. වේදාවලම්
1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: