Sunday, November 12, 2017

එක දවසක් හැන්දෑවක


එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක් //
නිල් පාටින් පායා දිළෙන //

සිහිනයක ගිලී මා සිටියා
කවුදෝ විත් දොර බිඳිනා විට
සුළං පොදක් වත්, හැරුණු දොර පියනින් ..
ආවා නම් ..
සිහිනයේ සුව අරන් ..

නන්නාඳුනනා දෑසක්.. (නන්නාඳුනනා දෑසක්)
නිවි නිවී දිළිසුණ මොහොතක්
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට ...
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාශයම.. වසාගෙන ..
ඈ සිටිනා විට .. මා අසල ..
ඈ සිටිනා විට .. මා අසල ..

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක් //
නිල් පාටින් පායා දිළෙන //

මා අසල ලැගුම් ගනු පෙරාතුව, මා තුළට මොහොතකට එබුණා නම්..
පැහැදිලිව දකින්නට තිබුණා,
මා තුළම ..
මා නොවන...
පිටස්තරයෙකු සිටිනා වග ..
ඔබේ පෙම, මා හටද? .. මා නොවන ඒ අමුත්තා වෙතද? ..
ඔබේ පෙම, මා හටද? .. මා නොවන ඒ අමුත්තා වෙතද? ..
මා නොවන ඒ අමුත්තා වෙතද? //

ගායනය - අතුල අධිකාරී
පද - අසෝක හඳගම
තනුව - නවරත්න ගමගේ
සින්තටික් සිහින ටෙලි නාට්‍ය යේ ගීයකි.


Eka Dawasak Handewaka - Athula Adikari

No comments: