Thursday, January 11, 2018

මීදුමෙන් වැසී





මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවණේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ (අඅඅ ආ.. අඅඅ ආ ආ..)
ඇවිද යන්නයි හිත් මානේ (ආ ආ.. ආඅ ආ...)
ඔබය මාගේ රජ දහනේ (ආ ආ.. ආඅ ආ...)
කිරුළ හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

ආ ආ.. අඅඅ ආ..
ආඅආ අආ.. අඅඅ ආ ආ..

මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

මුහුදු වෙරළේ රළ වාගේ (ආ ආ.. ආඅ ආ...)
ඇවිත් කොඳුරන්නම් ආලේ (ආ ආ.. ආඅ ආ...)
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ


මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

ගායනය - සන්තුෂ් වීරමන් සහ නිරෝෂා විරාජිනී
පද - නිලාර් එන්. කාසිම්
සංගීතය - මහේෂ් දෙනිපිටිය

සිරිපොද වැස්ස චිත්‍රපටියේ ගීයක් (2006 ) 

No comments: