Tuesday, January 9, 2018

අවුල්නාද සපිරිවර්දනේ



උපුටා ගැනීම

41. කවියෙන් කී සාක්කියක් (කව් සඟරාව - viii Wikibooks වෙතින්)

මෙය අඹුන්වල කිවිහු විසින් කළුවා, සපුවා ආදි මිනිසුන් මගයක් හා සවුන්දරි, ලමි, කුමි, සමිත්තරි යනාදී ගැනුම්ගයක් සමග හටගත් දබරයක් නිසා උපන් නඩුකට කී සාක්ෂියක් ලෙස කාව්ය සංග්‍රහය හෙවත් කව් සඟරාවේ සඳහන් වේ.


ඔහොයියා අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරිවර්දනේ
දින දින සපිරිවර්දනේ

කළුත්, සපුත්. සවුන්දරිත් ලමිත්, කුමිත්, සමිත්තරින් කිරිත්, ගිරිත්. පවුත්තරින් - ඇවිත් කළ රොසේ
තම් දානේ තම්දානේ තනා තාන තිනානේ
පසුත්, පෙරත්, දෙයත්. වරත් රකිත්, සිටිත්. අනිත්. බනිත් ගසත්. ඉසිත්, ගලුත්. වැලිත් - මමත් දුටු ලෙසේ

ඔහොයියා අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරිවර්දනේ
දින දින සපිරිවර්දනේ

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු දිඹුල් මලිට ඇන්න ටොක්ක බුබුල් නැඟුති හිස හැම තැන ඇඹුල් දෙසි ලෙසේ
තම් දානේ තම්දානේ තනා තාන තිනානේ
නැඹුල් යකුට නිති පුදකොට එකල් දියඟු දුවගෙන ගොස් දිඹුල් දියට කඩන් පැනපි කිඹුල් මොටෙකුසේ

ඔහොයියා අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරිවර්දනේ
දින දින සපිරිවර්දනේ

ටොක්ක නොකා ඉන්නා බඩ බක්ක කියන ගකු‍රගෙ දුව අක්කෙ නුඹත් එන්නෙද අන්නක්ක නෙලුමටා
තම් දානේ තම්දානේ තනා තාන තිනානේ
කෙක්ක අගින් ඇන්න කලට හක්ක දෙපිට දත් එළියට ටොක්ක නොකා පැනපිය ලිබ්බොක්ක ඇතුළටා

ඔහොයියා අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරිවර්දනේ
දින දින සපිරිවර්දනේ

වත්තල කළුවාගෙ අඹුව තිත්ත කථාවෙන් බැණ බැණ වත්ත පහළ තිබුණ කිතුල් පිත්ත ‍අරගෙණා
තම් දානේ තම්දානේ තනා තාන තිනානේ
පැත්ත පිටට දුන්කල සම් පොත්ත ඉගිලි හඬක් ගසා අත්තන කැලයට දුවපිය චිත්ත බියගෙනා

ඔහොයියා අවුල්නාද සපිරිවර්දනේ දින දින සපිරිවර්දනේ
දින දින සපිරිවර්දනේ

ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස

ඒ අයුරින් රෝහණ බැද්දගේ ශූරීන් ‍ගයන්නට බොහෝ පෙරාතුව, ලූක්ස් හෙන්රිකස් විසින් කපිරිඤ්ඤා ආරයට මෙසේ ගයා තිබුණා.

No comments: