Sunday, January 14, 2018

ප්‍රාර්ථනා බිඳී නෑ



 ප්‍රාර්ථනා බිඳී නෑ නෑ නෑ
හද ප්‍රාර්ථනාව බොඳ නෑ
සිත ආදරේ පතා පැරදී යන්නේ නෑ

චේතනා බිඳී නෑ නෑ නෑ
මිතුදම් බිඳී ගියේ නෑ
මුළු ජීවිතේ පුරා තරහා වන්නේ නෑ

පිණි බිඳුව මැණිකක් වෙන්නේ නෑ
නිල් මැණික වියැකී යන්නේ නෑ

ප්‍රාර්ථනා බිඳී නෑ නෑ නෑ
හද ප්‍රාර්ථනාව බොඳ නෑ
සිත ආදරේ පතා පැරදී යන්නේ නෑ

චේතනා බිඳී නෑ නෑ නෑ
මිතුදම් බිඳී ගියේ නෑ
මුළු ජීවිතේ පුරා තරහා වන්නේ නෑ

වෛර සිත් නැතේ
නෑ වංචාවක් ප්‍රීති ජීවිතේ
වංකකම් වලින් ජයගත් සමතෙක් නෑ

වෛර සිත් නැතේ
නෑ වංචාවක් ප්‍රීති ජීවිතේ
වංකකම් වලින් ජයගත් සමතෙක් නෑ

ඈත බාල කාලේ අප පුංචි සිහින ලෝකේ
සිහින පාට කෙරුවේ ආදරෙන්
හිම ගේන සීත ඇල්ලේ
සරු සාර නීල ලන්දේ
භූමියේම උරුමේ දේ වාසනා

ප්‍රාර්ථනා බිඳී නෑ නෑ නෑ
හද ප්‍රාර්ථනාව බොඳ නෑ
සිත ආදරේ පතා පැරදී යන්නේ නෑ

චේතනා බිඳී නෑ නෑ නෑ
මිතුදම් බිඳී ගියේ නෑ
මුළු ජීවිතේ පුරා තරහා වන්නේ නෑ

හදවතේ අවුල් නෑ සන්තෝසෙන් භද්‍ර යෞවනේ
කාටවත් හිතත් වදනක් දුන්නෙත් නෑ
වා අභියෝගෙන් ජයගත් හදවත් නේද ලන්වුනේ
අදිටන් පැතුමන් වෙනසක් වෙන්නෙත් නෑ

සැඩ සුලි සුලන් හැමූවත්
හෙන විදුලි බිම හෙලූවත්
නෑ බියෙන් දුවන්නේ මේ ජීවිතේ

මල් වැස්සකී වහින්නේ
ආනන්දයයි දැනෙන්නේ
ඒ නිසයි රගන්නේ මේ මාවතේ

දහසක් සීමා
දහසක් බාධා
සුළගක් සේ මා පාවුනා
මේ අත් සෑමා
මොහොතක් පාසා
යදමක් වාගේ යාවුනා ...//

ගායනය - සුරේන්ද්‍ර පෙරේරා, අභිෂේකා විමලවීර, නදී කහටපිටිය සහ ඩිලන් ලෑම්බ්
පද - සුනිල් විමලවීර
සංගීතය - ඩිලන් ලෑම්බ්
ප්‍රාර්ථනා චිත්‍රපටියේ ගීයකි.

No comments: