Saturday, November 10, 2018

ඈත නිම්වළල්ලේ



ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ ....//
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

ගෝදාවරි ගංගා තෙර
බ්‍රින්දා වන මල් අරණේ
විහඟ පසඟ තුරු පෙම් ගී සවන් පුරනවා
සීතල සුව හිම සිරිපොද වැස්ස වැටෙනවා
වැස්ස වැටෙනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

වර්ණ වගුළ විසිතුරු මල්
ස්වර්ණ රජත විදිලිය දැල්
නිරන්තරව මහද අරා සුවඳ උනනවා
ඔබ පිළිරුව මගේ ලොවට වැඩම කරනවා
වැඩම කරනවා

ඈත නිම්වළල්ලේ
මුතු පවුරක කැටයම් කළ
ඈත නිල් සඳැල්ලේ
තරු ගොමුවක සිතුවම් කළ
ඉන්දීවර පළිඟු නයන මට සිහි වෙනවා
මට සිහි වෙනවා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි



(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේය)

No comments: