Friday, November 9, 2018

එගොඩහ කන්දේ





එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා ...//
එගොඩහ කන්දේ

මගෙ සිත පාළුයි
මගෙ නෙත පාළුයි
අහසයි පොළවයි පාළුයි පාළුයි ...//
රුවට රුවක් නෑ
එහෙම රුවක් නෑ
කිව්වටවත් නෑ රුවයි එ ළන්දා

 එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා
එගොඩහ කන්දේ

මගෙ සිත පාළුයි
මගෙ නෙත පාළුයි
අහසයි පොළවයි පාළුයි පාළුයි ...//
ඇයගේ හුරතල් උකුලෙන් යනෙනා
වතුර කලේ නොවැ මට වැඩි හපනා

එගොඩහ කන්දේ රුවැති එ ළන්දා
දිය බුබුලට අද නාවෙ කුමන්දා ...//
එගොඩහ කන්දේ

ගායනය - සනත් නන්දසිරි
පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව හා සංගීතය - සනත් නන්දසිරි

(චිත්‍රය - මොටාගෙදර වනිගරත්න ශිල්පියා ගේ නිර්මාණයකි.)

1 comment:

TK said...

හරිම ලස්සන ගීතයක්