නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම් ...//
ගින්න දැවූ ගම්මානේ
වන්දි ගෙවූ පැල් ගානේ
සරණ යදින නෑයො කාගෙදෝ ...//
බිළිඳුන් හද තෙමනා සඳ
සතුරන් නොව පුංචි අපී
වෙන්ව ඉන්න බිම් කඩත් නසා
කොහොඹ කළේ නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම්
වන්දනාවෙ ආවා දෝ
බාරහාර වූවා දෝ
දෙවොල් බිමේ මැණික් ගංතෙරේ ...//
මිතුරන් වෙමු නෑයින් වෙමු
සතුරන් නොව පුංචි අපී
වෙන්ව ඉන්න බිම් කඩත් නසා
කොහොඹ කළේ නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම් ////..
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
No comments:
Post a Comment