සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා
එකිනෙක මල් විකසිතවී ලොව මල් උයනක් වේවා ...//
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
රිද්මය හැමතැන පෑහී මිහිතලයම නැළවේවා
දුක් පීඩා හැම සේදී ජීවන මග සැරසේවා ...//
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

No comments:
Post a Comment