Sunday, November 11, 2018

තහනම් ආදරයේ



තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ..//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා

ගැඹුරු ඔබේ දෑස පුරා ජීවිතේ පෙනේ
දෑත මගේ දෑතෙ ඔබා නොකී දුක් දැනේ ...//
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා ඉඳිනු කෙසේදෝ උමතු නොවී

තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ...//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා

පුපුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී ...//
මා වියරු වෙවි හිරිඔතප් රකී
ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

තහනම් ආදරයේ (ආ.. ආඅආ...)
අවසන් බැල්ම දිහා  (ආ.. ආඅආ...) ..//
මා බැලුවේ කම්පාවී
කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා

තහනම් ආදරයේ
අවසන් බැල්ම දිහා ...///.

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
 

(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ ය)

No comments: