Wednesday, December 12, 2018

දුව මා වගේ නේද

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

පාසැල් නොයන්නේ
වස කම්මැලියිනේ
කළු පාට දූ කාගෙ දෝ

කළු නෑ සුදුයි නේ
හරී ලස්සනයි නේ
මගෙ පුංචි දෝනී මා වගේ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

සෙල්ලම් කරන්නයි
තව සන්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක්  ඕනලූ
දූ මා වගේලූ
මා දූ වගේලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්



Song - Duwa Ma Wage
Singer - Clarence Wijewardana
Lyricist - AJantha Ranasinha
Composer - Stanley Peiris

No comments: