Tuesday, December 4, 2018

මිහිරි ගීත ගයාලා



මිහිරි ගීත ගයාලා
දෑතෙ දෑත තියාලා
රඟන්න මල්සරාට පාර පෙන්නලා ...//

ආසයි බලන්න ආසයි
දෑසයි සිතයි විනෝද වෙයි ...//
ආදරේ රසේ ගලා හැලේ
සීතලේ සුළං හමා රහස් කතා කියයි

මිහිරි ගීත ගයාලා
දෑතෙ දෑත තියාලා
රඟන්න මල්සරාට පාර පෙන්නලා ...//

ප්‍රීතියි අනන්ත ප්‍රීතියි
රෑනක් හදේ හැඟුම් හදේ නැගේ ....//
ආදරේ රසේ ගලා හැලේ
ජීවිතේ අගේ දැනෙන්නෙ මේ වෙලාවටයි

මිහිරි ගීත ගයාලා
දෑතෙ දෑත තියාලා
රඟන්න මල්සරාට පාර පෙන්නලා ...//
රඟන්න මල්සරාට පාර පෙන්නලා ////.

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: