Tuesday, December 4, 2018

රන් පහනකි



රන් පහනකි පැල්පතේ
ආදර බර සුදු පුතේ
ආ... හාහ හා.. හා...
ආ... ආහාහ හා.......
දේ සැනසුම මේ ලොවේ
මා සතු එක වස්තුවේ

රොන් සොයද්දි සමනලා
චූටි පුතු දැකලා
පුංචි මලකැයි රැවටිලා
මූණ සිඹලා ගියා ....//

පුන් සඳක් වලාකුළෙන්
කැළුම් පෙරළා ගෙනෙයි
මාගෙ මැණිකට ආශාවෙන්
ඈතින් එබී බලයි ....//

රන් පහනකි පැල්පතේ
ආදර බර සුදු පුතේ
ආ... හාහ හා.. හා...
ආ... ආහාහ හා.......
දේ සැනසුම මේ ලොවේ
මා සතු එක වස්තුවේ

ම්.. ම්ම්ම්.. ම්. ම්ම්...
ලා.. ලල ලල ලාලලා... ...////.

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: