Wednesday, December 5, 2018

තාන තිනානේ




තාන තිනානේ තරිකිට ගහන රබානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ  ...//

තාන තිනානේ තරිකිට ගහන රබානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ

දොං දොං දොං දොං දොං හරමානිස් //
බලාගෙනයි දැලේ වැටෙයි කොළඹ සුවාරිස්

මනමාල කුරුල්ලා හොඳ නෑ බොරු අරුමෝසම්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන් ...//

කාසි බාගෙ නෑ අතමිට - කන්න බොන්න නෑ (බොරූ.)
රස්සාවක් නෑ තිබුණත් යන්න හිතක් නෑ
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලා ලාලා ලා ලා ලා
කාසි බාගෙ නෑ අතමිට - කන්න බොන්න නෑ
රස්සාවක් නෑ තිබුණත් යන්න හිතක් නෑ
පරණ බේල් ඇඳුම ඇඳන් පෝලිමේ උදෙන්
කළුකුමාරයා බලා හිඳියි කවුදෝ එනකන්
කළුකුමාරයා බලා හිඳියි කවුදෝ එනකන්

මනමාල කිරිල්ලී කැදැල්ල තුළින් ඉගිල්ලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී ...//

ලේසි පාසු නෑ යන්නට පාරක බැහැලා (පව්.)
කාන්දමක් වාගෙ ඇදෙයි මාරු බලාලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලා ලාලා ලා ලා ලා
ලේසි පාසු නෑ යන්නට පාරක බැහැලා
කාන්දමට වාගෙ ඇදෙයි මාරු බලාලා

අපේ පස්සෙ එන්නෙ ඇයිද යැංසි බබාලා
තනි කසාදෙකින් උසාවියට පාර සොයාලා //

මනමාල කුරුල්ලා හොඳ නෑ බොරු අරුමෝසම්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්

මනමාල කිරිල්ලී කැදැල්ල තුළින් ඉගිල්ලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා... ලා ලා ලාලාලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා... ලා ලා ලාලාලා...

ගායනය - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොද්‍රිගෝ ඇතුළු පිරිස
පද - ආනන්ද සරත් විමලවීර
සංගීතය - එම්. කේ. රොක්සාමි
1974 තිරගත වූ ජීවන ගංගා චිත්‍රපටයේ ගීයකි.
(මෙහි ඇතුළත් වන්නේ සිනමා පටයේ අඩංගු වූ මුල් ගීයයි. එහි කුඩා දරුවාගේ ගායනය දමයන්ති එකනායකගේ බව සාක්ෂ්‍ය සමගින් තහවරු කළ HKH මිතුරාට කෘතඥ වෙමි..)

4 comments:

HKH said...

මෙහි කුඩා දරුවාගේ ගායනය "දමයන්ති ඒකනායක" ගේ ය.

HKH said...

http://www.divaina.com/2009/10/16/cineart03.html

Gee Arana ගී අරණ said...

ස්තුතියි HKH. තවද බොහෝ අඩු ලුහුඬු තිබෙන්නට පුළුවන. ඔබේ ප්‍රතිචාරය ඉතා අගය කරනවා.

HKH said...

ජස්ටින් සිල්වා ගී නිර්මාණ

https://m.facebook.com/groups/969228186479709/?ref=group_header&view=permalink&id=1399126700156520