Thursday, December 6, 2018

පෑහී එක ලෙස බැඳී



පෑහී එක ලෙස බැඳී
ඉමු අපි හැම කාලේ
වෙන් නොමවී සැනසෙමු
මුතු ලෙස ගෙල මාලේ
අපි දිදුලන මුතු වෙමු ගෙල මාලේ ...//

නංගිලා එක්ක අක්කලා
තරු වගේ එකට එක්වෙලා
දී සිනා උකුළු සොලවලා
රඟදී සැනහෙමු දැන්

පෑහී එක ලෙස බැඳී
ඉමු අපි හැම කාලේ
වෙන් නොමවී සැනසෙමු
මුතු ලෙස ගෙල මාලේ
අපි දිදුලන මුතු වෙමු ගෙල මාලේ

ජීවිතේ සතුටු ගඟුලකී
ආදරේ දෙපස ඉවුරකී
තුරු ලතා සුවැති සෙවණකී
රඟදී සැනහෙමු දැන්

පෑහී එක ලෙස බැඳී
ඉමු අපි හැම කාලේ
වෙන් නොමවී සැනසෙමු
මුතු ලෙස ගෙල මාලේ ...//
අපි දිදුලන මුතු වෙමු ගෙල මාලේ

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද - ලක්ෂ්මන් පෙරේරා
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: