Thursday, December 6, 2018

දීගේ අද වාගේ



දීගේ අද වාගේ රබන් ගසන්නා
බැන්දා බරබාගේ නෑගම් යන්නා ...//

මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලූ කළූ දීග ගියාලු //

පොර කර කර වද කර කර කීව නිසා ගියාදෝ
පහළ වෙලේ කවි කී හැටි තාම මතක තියේදෝ ...//

බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා ...//
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු //
.
අතුරු මිතුරු දඹදිවතුරු හාල් පතක් ගරාලා
අළුත ගෙනා මනමාලිට රහට බතක් උයාලා ...//

බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා ...//
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු /////.

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - වර්නන් පෙරේරා
තනුව හා සංගීතය - මයික් ගුණසේකර

No comments: