Friday, December 7, 2018

එක කූඩුවක හැදී



එක කූඩුවක හැදී
යෞවන කාලයෙදී
පළමුව අප තිදෙනාගෙන් කවුරුද ඉගිලෙන්නේ ....//

එතකොට දෙදෙනෙකු තනි වේවී
මේ පොඩි කූඩුවෙ දී ... //

අහස බලාගෙන පාළු ලොවේ
නෙත් යුග තෙත් කර කඳුළු රැහැන් මැද
ඉන්නට හැකිවේදෝ

එක කූඩුවක හැදී
යෞවන කාලයෙදී
පළමුව අප තිදෙනාගෙන් කවුරුද ඉගිලෙන්නේ

දවසක තව කිසිවෙකු ඒවී
දෑතට තෑගි දිදී ... //

සිහින මවාගෙන ඇය ද ඇදී
අවසන තනිවී මෙහි ම රැඳෙන්නට
තනි මට හැකිවේ දෝ

එක කූඩුවක හැදී
යෞවන කාලයෙදී
පළමුව අප තිදෙනාගෙන් කවුරුද ඉගිලෙන්නේ ....//

ගායනය : ත්‍රී සිස්ටර්ස්
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක

No comments: