Saturday, December 8, 2018

ඉඳුනිල් මැණිකා



ඉඳුනිල් මැණිකා
කියමින් අමතා
මට එවු දවටා
ඔබෙ පින්තූරෙ හරි ලස්සණයි ...//

මගෙ පුංචි කණ්ණාඩි මේසේ
එය මැද්දෙන්ම රන්දා තියා
ඡ්‍යායාව හංගාලා දෑසේ
මම සැනසෙන්නෙ පෙම් ගී ගයා

ඉඳුනිල් මැණිකා
කියමින් අමතා
මට එවු දවටා
ඔබෙ පින්තූරෙ හරි ලස්සණයි

එනපාර පවසන්න ලිපියේ
මෙහෙ කවදාද එන්නේ කියා
එනදාම පිළිගන්න ඉන්නේ
ඔබ තව නෑසු ගීයක් ගයා

ඉඳුනිල් මැණිකා
කියමින් අමතා
මට එවු දවටා
ඔබෙ පින්තූරෙ හරි ලස්සණයි ...//

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: