අපි මිතුරෝ මූදු ගියෝ
මාළු අරන් එන්න ගියෝ
දියඹ බලා රැල්ල කපා
ඔරුව පැද පැද යන්න ගියෝ ....//
ඈත ජඹුරට යයිදෝ
රෑට අද යාමෙ එයිදෝ
කාට කියන්නදෝ
දැල් දමලා මලු පුරවා
හොඳට වාසි අරන් එයිදෝ
අපි මිතුරෝ මූදු ගියෝ
මාළු අරන් එන්න ගියෝ
දියඹ බලා රැල්ල කපා
ඔරුව පැද පැද යන්න ගියෝ
දෑස නෑසේය වෙන්වී
සීන මවමින් ඉන්නේ
කොහොම කියන්නදෝ
ඉමක් නැතේ කොනක් නැතේ
අප හින්දයි ඔය වෙහෙසෙන්නේ
අපි මිතුරෝ මූදු ගියෝ
මාළු අරන් එන්න ගියෝ
දියඹ බලා රැල්ල කපා
ඔරුව පැද පැද යන්න ගියෝ
ගායනය - ත්රී සිස්ටර්ස්
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - වික්ටර් දළුගම
No comments:
Post a Comment