Sunday, December 9, 2018

මුතු වරුසාවක් වැහැලා



මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ....//

බින්දු බින්දු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට ආ දිනේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ

නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ

මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද ඒ සොඳුරු දිනේ ...//

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - තිලකා රාජපක්ෂ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: