Monday, December 10, 2018

රෑ සීත නලවැල් ඇදී




රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී ...//

ආශාවෙ රැහැණින් මිදී
සන්සුන්ව සිත සන්සිඳී
සඳුගේ කැළුම් රන් සැලී
සෝ දුක් නොවේවා යළී

රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී

මල් තෙල් පහන් දැල්වෙනා
සිසිලෙන් පැතුම් කල්පනා
පිබිදී මැකී වේදනා
සුසුමන් හදින් පාවුණා

රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී ...//

ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - කිත්සිරි නිමල්ශාන්ත
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: