Monday, December 10, 2018

මලේ හැන්දෑවේ වහින වෙලාවේ




මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

නළලේ තිලකේ රතු පැහැය සේදිලා
අකුලේ සිරවී තේ පඳුරු පීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

බැඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැඳී පැතුම් කියන්න දෝ කෙසේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ ..//

ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - කැමිලස් පෙරේරා
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: