Monday, December 10, 2018

මුහුදු රැල්ල ඔස්සේ



මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ

ඔරුව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ
අපි මාලු බාලා එන්නේ ....//

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ

දෑතෙ සවිය ගන්නේ
ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාලු බාලා එන්නේ ...//

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ //

හෝ හෝ හෝ...
හෝ හෝ හෝ...
හෝ හෝ හෝ...
හෝ හෝ හෝ...  ...///.

ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.

(EP Sooriya / CHB 022)

No comments: