Saturday, January 12, 2019

පාසල් බස් රිය


උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා....//
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසී බසයට නැගගත් විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට//

උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා...//
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

මේ පොඩි බස් රිය ඔබේය හිතලා 
කුරුටු ගෑම හරි නෑ ඉරි ඇදලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ 
ඔබේය මේ බස්රිය රැකගන්නේ //

උදෑසනම පොඩ් අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා....//
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා

ගායනය - ලලිත් සිරිවර්ධන
පද රචනය - ගාමිණී විජේතුංග
තනුව - සරත් දසනායක ?

No comments: