Thursday, January 17, 2019

කන්ද උඩින් හඳ මාමයි බලන්නේ



 කන්ද උඩින් හඳ මාමයි බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//

හඳේ එළිය අපේ ලිඳට වැටීලා
උදේට නැති ලස්සණ මල් පිපීලා ....//

සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//

කන්ද උඩින් හඳ මාමයි බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//

අන්න සුරංගනා ලොවයි පෙනෙන්නේ
රංචු ගැසී සුර දැරියන් නටන්නේ ....//

සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//

කන්ද උඩින් හඳ මාමයි බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//

නිලට නිලේ තැන තැන එළි දිලෙන්නේ
දුරට රිදී තරු වාගෙයි පෙනෙන්නේ ....//

සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//

කන්ද උඩින් හඳ මාමයි බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//

ගායනය: විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ සහ අයිරින් ලියනගේ
පද: ආචාර්ය අජන්තා රණසිංහ
ගී තනු: ඩී.ඩී. ඩැනී



මෙම ගීයේ පැරණි ගායනය ක් සොයා ගැනීමට නොහැකි විය. මෙහි ඇත්තේ ඉතාම මෑත, ලියනගේ සොයුරියන් රූපවාහිනී වැඩසටහනකදී ගායනා කළ ගීයකි.


No comments: