Friday, January 25, 2019

උප්පැන්න සහතිකේ


නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදරම තබා ඇති
එය උප්පැන්න සහතිකේ ////

පොඩි කාලේ සිට කියන කරණ දේ
අනුව වෙනස් වන වයස ගෙවෙද්දී
වැළි බත් අහුරින් මුළුතැන්ගෙට යන
දවසක් එන දවසක් තෙක් ළග ඇති
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ ///

නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
එය උප්පැන්න සහතිකේ ////

වෙනස් කරන්නට පුළුවන් මෙහි ඇති
නම ගම කුලගොත සිතූ විලාසෙන්
එනමුත් එහි ඇති නම රැක ගැනුමයි
ඉතාම වැදගත් කුඩා ළමයිනේ
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ ///

නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදරම තබා ඇති
එය උප්පැන්න සහතිකේ ////

ගායනය - පේෂලා මෙන්ඩිස්
පද -  ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - පුණ්‍යසිරි මහවත්ත

No comments: